Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the acf domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/slciltum/public.slcim.lk/wp-includes/functions.php on line 6121
Home - Sinhala - Public Web SLCIM
SLCIM

ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍ය විද්‍යායතනය යනු

ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍ය විද්‍යායතනය කායික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් හෙවත් ‘Consultant Physicians’/ ‘Visiting Physicians’ (VP) ගෙන් සමන්විත වේ. රෝග විනිශ්චය කිරීමෙහි මෙම විශේෂඥ වෛද්‍යවරුන් සතු මනා පළපුරුද්ද සඵල ලෙස යොදා ගනිමින් සමාජය වෙත පුළුල් සේවාවක් සැපයීම අප සංගමයේ අරමුණයි.

කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් බහුවිධ සහ සංකීර්ණ සෞඛ්‍ය තත්ත්වයන් ගෙන් පෙළෙන රෝගීන් හට ප්‍රතිකාර කිරීමෙහි ප්‍රවීණයන්ය. ඔබ යම් රෝගී තත්ත්වයකින් පෙළෙන විටකදී, ඔබගේ රෝග ලක්ෂණ නිවැරදිව හඳුනා ගැනීමටත්, වඩාත් සුදුසු රෝග විනිශ්චයකට එළඹීමටත් මනා හැකියාවක් මෙම වෛද්‍යවරුන් සතුය.

අප විද්‍යායතනයේ මෙම වෙබ් පිටුව හරහා අපි විවිධ රෝග තත්ත්ව පිළිබඳව දැනුවත් කිරීමටත්, ඔබගේ සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමට මෙන්ම, ඔබට යහපත් සෞඛ්‍ය පුරුදු හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙමු. තවද මෙමගින් මහජනතාව අතර රෝග පිළිබඳව ඇති මිත්‍යාමත දුරු කර, නිවැරදි හා කාලීන තොරතුරු ලබාදීමටත් අපේක්ෂා කරමු.

SLCIM

අපගේ අරමුණු

ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍ය විද්‍යායතනය විසින් හඳුන්වා දෙනු ලබන මෙම වෙබ් පිටුවේ අරමුණ වන්නේ, වඩාත් නිරවද්‍යවූත් විද්‍යාත්මකවූත් සෞඛ්‍ය තොරතුරු මහජනතාව වෙත ලබා දීමයි. එමෙන්ම, හදිසි සෞඛ්‍ය තත්ත්ව වලදී ක්‍රියා කළ යුතු ආකාර පිළිබඳව දැනුවත් කිරීමත්, සෞඛ්‍යය හා රෝග පිළිබඳව සමාජයේ පවතින මිත්‍යාමත දුරු කර, නිවැරදි තොරතුරු ලබා දීමත් මෙමගින් සිදු කෙරේ.

SLCIM

අපගේ විෂය පරාසය

මෙම වෙබ් අඩවිය හරහා බෝ නොවන රෝග: එනම්, හෘදය හා රුධිර වාහිනී ආශ්‍රිත රෝග, ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් පිළිබඳවත්, ඒවා වළක්වා ගන්නා ක්‍රම, එම රෝග පාලනය කළ යුතු ආකාර මෙන්ම, ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත්; බෝවන රෝග ගැන මෙන්ම, ඒවා වළක්වා ගන්නේ කෙසේද, ඒ සඳහා ඇති එන්නත් ආදිය වැනි කරුණු පිළිබඳවත් පුළුල්ව සාකච්ඡා කරනු ලැබේ. තවද, නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සහ ඒ සඳහා වන සමබල ආහාර, මානසික සුවතාවය, ශාරීරික ව්‍යායාම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීමටත් අපි අපේක්ෂා කරමු. මෙම වෙබ් අඩවිය හරහා යථා කාලයේදී මහජනතාවට පොදුවේ ඇති සෞඛ්‍ය ගැටළු වලට විසඳුම් ලබා දීමට අප කටයුතු කරන අතර, ඔබට පුද්ගලිකව ඇති ප්‍රශ්න අප වෙත යොමු කිරීමෙන් ඒ සඳහා ඔබට පිළිතුරු ලබා දිය හැකි පාර්ශව සමග ඔබව සම්බන්ධ කිරීමට හෝ අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ඔබව දැනුවත් කිරීමට කටයුතු කරමු.

දියවැඩියාව

අධි රුධිර පීඩනය

හෘදයාබාධ

අධික කොලෙස්ටරෝල් තත්ත්වය

ෆැටි ලිවර්

ඩෙංගු රෝගය

මී උණ

ව්‍යායාම

තරබාරුකම/ස්ථූලතාවය සහ ආහාර රටාව

දියවැඩියාව

අධි රුධිර පීඩනය

හෘදයාබාධ

අධික කොලෙස්ටරෝල් තත්ත්වය

ෆැටි ලිවර්

ඩෙංගු රෝගය

මී උණ

ව්‍යායාම

තරබාරුකම/ස්ථූලතාවය සහ ආහාර රටාව

විශේෂඥයන්ගෙන් අසන්න

අපි ඔබ වෙනුවෙන්

හදිසි අවස්ථාවක් හඳුනා ගන්නේ කෙසේද සහ හදිසි අවස්ථාවක කළ යුතු දේ

කලබල නොවන්න. 1990 අමතන්න. කල් වේලා නොගෙන හැකි විගස ළඟම ඇති රෝහලකට යන්න.

කලබල නොවන්න. 1990 අමතන්න. කල් වේලා නොගෙන හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලකට යන්න.

අපට උපකාර කළ හැක්කේ කෙසේද?

නිතර අසන ප්‍රශ්න

සිරුරේ බර අඩු කිරීම සඳහා ආහාර පාලනය අත්‍යවශ්‍ය වේ. අඩු වූ බර දිගටම පවත්වා ගැනීමට ව්‍යායාම සමග ආහාර පාලනය උපකාරී වේ.

එය වැරදියි. කොලෙස්ටෙරෝල් ඖෂධ දිනපතා ගත යුතුයි.

නැත. අධි රුධිර පීඩනයට නියම කර ඇති ඖෂධ ජීවිත කාලය පුරාවට ගත යුතුයි.

නැත. එය මිත්‍යාමතයකි.

නැත. එනමුත්, දියවැඩියාව මනාව පාලනය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකිය.